නයිජීරියා පාසල් දරුවෝ 140 ක් පැහැර ගැනෙති



නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කැරුලිකරුවන් පිරිසක් විසින් එරට පාසල් ළමුන් 140 දෙනෙකු පමණ පැහැරගෙන ගොස් තිබේ.

වයඹ දිග නයිජීරියාවේ පාසල් කිහිපයක සිසුන් මෙලෙස පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. පසුගිය ඉරිදා අලුයම් කාලයේ මෙම පැහැර ගැනීම් සිදුව තිබේ.

කප්පම් ගැනීමේ අරමුණෙන් මෙලෙස පාසල් ළමුන් පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත. යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් මෙම පැහැරගැනීම් සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබේ.

ලාගෝස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS