දෝෂාභියෝගය ලබන ජනවාරියේ
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට යොමු කිරීම ලබන ජනවාරියේ සිදුවනු ඇතැයි පැවැසෙයි.
පසුගිය දා දෝෂාභියෝගය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී එය සම්මත විය. ඊට හේතුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ප්‍රතිවාදී ඩිමොක්රටික් පාක්ෂිකයන් වීමය.
සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයන් සතුවය. එහෙයින්, දෝෂාභියෝගය පැරැඳීමට ජනපති ට්‍රම්ප්ට හැකිවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ (කොංග්රස් මණ්ඩලයේ) කටයුතු මේ වනවිට අවසන් වී ඇති අතර කොංග්රස් නියෝජිතයන්ට නිවාඩු හිමිවී තිබේ. යළි කොංග්රස් මණ්ඩලය රැස්වෙන්නේ නව වසරේය.
ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය මුල්කොට ගනිමින්, කොංග්රස් මණ්ඩල සාමාජිකයන් අතරේ වාද විවාද පැවැත්විණි.
සෙනෙට් මණ්ඩලයේ බහුතරය නියෝජනය කරන නායකයා වන්නේ මිච් මැකොනෙල් ය. දෝෂාභියෝග ක්‍රියාවලිය කෙසේ සිදුවෙන්නේදැයි ඉදිරියේ දී පැහැදිලි කරන බව මැකොනෙල් මාධ්‍ය හමුවේ පවසා ඇත.
(අල් ජසීරා)