දෙවැනි දිනයටත් කොරෝනා නෑ



ගතවුණු දෙදින ඇතුළත කිසිදු ‘කොවිඞ් 19’ ආසාදිතයන් හමුනොවුණු බව නවසීලන්ත සෞඛ්‍ය අමත්‍යාංශය පැවැසීය.

නවසීලන්තයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය පාලනය වී ඇති බව එරට අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩන් ද පවසා ඇත. ඒ අනුව, මේ වනවිට පනවා ඇති ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමට අගමැතිනිය පියවර ගෙන තිබේ.

නවසීලන්තයෙන් ‘කොවිඞ් 19’ ආසාදිතයන් 1,488 ක් හමුවී ඇත. ඔවුන්ගෙන් 1,302 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් වාර්තා වේ. නවසීලන්තයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 20 කි.

වයිරසය ව්‍යාප්තවේවි යැයි බියෙන් රට ලොක්ඩවුන් කළ අවස්ථාවේ පටන් නවසීලන්ත වැසියන් සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස්වලට කන් දෙමින්, විනයගරුක ලෙස කටයුතු කළ බැවින් වයිරස ව්‍යාප්තිය අඩු කර ගැනීමට හැකි වුණු බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කර තිබේ.

වෙලින්ටන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS