දුරකතන නැතිව කතා කරන්න
පවුලක සමඟිය සහ ශක්තිය ඇති වන්නේ ජංගම දුරකතන පැත්තකට දමා එකිනෙකා සමඟ ආදරයෙන් කතාබහ කිරීමෙන් යැයි වතිකානයේ ශාන්ත පීටර්ස් චතුරස්රයේ පැවැති ඉරිදා දේවමෙහෙයට සහභාගී වෙමින් ශුද්ධෝත්තම ෆැන්සිස් පාප්තුමා අවධාරණය කළේය.
‘පවුලේ අම්මා තාත්තා දූ දරුවන් අතරේ අද බැඳීම් අඩුවෙලා. කාර්යබහුල නිසා එකිනෙකාට කතා කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා ජංගම දුරකතන පැත්තකට දමලා රෑ කෑම මේසයේදී එකිනෙකා සමඟ සම්බන්ධ වෙන්න. සුවදුක් විමසීමක් කරන්න. එයයි වැදගත්. ජංගම දුරකතන අපේ ජීවිත පහසුවක් කරන බව ඇත්ත. ඒත් පවුලක සමඟිය සහ එකමුතුව වර්ධනය වන්නේ එකිනෙකා අදහස් පළ කිරීමෙන් පමණයි’ යැයි පාප්තුමෝ පැහැදිලි කළහ.
වතිකානයේදීය (ඒ.එෆ්.පී.)