දිල්ලි ප්‍රාන්ත රජයට නොතීසි
නවදිල්ලි අගනුවර විෂ වායු දුමාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය ප්‍රාන්ත තුනක මහ ලේකම්වරුන්ට නොතීසි නිකුත් කර ඇතැයි වාර්තා වේ.
නොතීසි නිකුත් කරනු ලැබ ඇත්තේ දිල්ලි, හරියානා, පන්ජාබ් සහ උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත ලේකම්වරුන්ටය. ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය මේ වනවිට උග්‍ර අතට හැරී ඇත.
දිල්ලි අගනුවර රථ වාහන සැලැස්මක් ද ක්‍රියාවට නංවා ඇත. පාසල්සහ කර්මාන්ත ශාලා පසුගිය දිනවල වසා දැමීමට නවදිල්ලි බලධාරීහු කටයුතු කළහ.
(එන්.ඩී.ටීවී.)