දිනුවොත් දිනන්නේ හොර ඡන්දවලින්



එලැඹෙන ජනාධිපතිවරණයේ දී, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයට තමන් ප්‍රමුඛ රිපබ්ලිකන් පක්ෂය පරාජය කළ හැක්කේ හොර ඡන්ද දැමීමෙන් පමණක් යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

‘මගේ ජය තහවුරුයි. ප්‍රතියාදී ජෝ බයිඩන් සහ ඩිමොක්‍රටික් පක්ෂයට දිනන්න බැහැ. ඔවුන් දිනුවොත් දිනන්නේ හොර ඡන්දවලින් පමණයි’ යැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසුවේ, රිපබ්ලිකන් පක්ෂ මහ සමුළුව අමතමිනි.

රිපබ්ලිකන් පක්ෂ මහ සමුළුව තෙදිනක් තිස්සේ උතුරු කැරොලිනා ජනපදයේ චාලට්විල් නුවර පැවැත්වෙයි. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය සඳහා රිපබ්ලිකන් පක්ෂ ජනපති ධුර අපේක්ෂයා ලෙස ට්‍රම්ප් නිල වශයෙන් නම් කෙරුණේ පෙරේදා (24) ඇරැඹුණු එම සමුළුවේදීය.

මාධ්‍ය ආයතන සිදු කළ සමීක්ෂණ අනුව පෙනී ගොස් ඇත්තේ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සහ කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පක්ෂයේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති බවත්, නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් ජයග්‍රහණය කරනු ඇති බවත්ය.

චාලට්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS