දිනකට පාර්ලිමේන්තුව රැස්වෙයි
මැලේසියානු පාර්ලිමේන්තුව එක් දිනකට රැස් විය. ඒ, ‘කොවිඞ් 19’ වයිරස වසංගතය හමුවේ සෞඛ්‍ය සේවා සිදු කරන මෙහෙවර ඇගැයීමට ලක් කිරීමක් හැටියටය.
පාර්ලිමේන්තුව රැස් වූයේ මැලේසියානු රජුගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තු නියෝජිතයන්, සෙනෙට් සභිකයන් ආදී සැවොම නැගී සිට අත්පොලසන් දෙමින් සෞඛ්‍ය අංශ දිරිමත් කිරීමට කටයුතු කළ බව මැලේසියානු පුවත් සේවා වාර්තා කර තිබේ.
මැලේසියාවේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 6,941 කි. සුවය ලැබූවන්ගේ ගණන 5,615 කි. වයිරසය හේතුවෙන් මැලේසියාවේ සිදුවුණු මරණ ගණන 113 කි.
(රොයිටර්)