දින 6 න් ඉදි කළ චීන රෝහල විවෘත කෙරේ



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර නව කොරෝනා වයිරස රෝගීන් වෙනුවෙන් දින 6 ක් ඇතුළත ලහිලහියේ ඉදි කළ නව රෝහල (29) විවෘත කෙරුණි.

රෝහලට අවශ්‍ය ඇඳන් සහ සෙසු වෛද්‍ය උපකරණ ගතවුණු පැය 24 ඇතුළත රෝහලට ගෙන ඒම සිදුවිය. වූහාන් වැසියෝ බොහෝ දෙනෙක් ස්වේච්ඡාවෙන් මෙම කටයුත්තට දායක වූහ.

වූහාන් නගරයට ඔබ්බෙන් ඩෙබේයි කඳුකර ප්‍රදේශයේ ඉදි කෙරුණු මෙම නව රෝහලට පළමු රෝගීන් කණ්ඩායම ගෙන ඒම සිදු කළේ චීනයේ වේලාවෙන් රාත්‍රී 10.30 ට යැය. රෝගීන් 1,000 ක් වෙනුවෙන් මෙම නව රෝහලේ පහසුකම් ඇත.

වූහාන් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS