දැවැන්ත හැකර් ප්‍රහාරයක්



ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට දැවන්ත හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇත.

හැකර් ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ ඇමෙරිකාවේ බිලියනපතියන් සහ දේශපාලනඥයන්ය.

ට්විටර් සමාජ ජාලය භාවිත කරන ලෝ ප්‍රකට පුද්ගලයන් රැසකගේ ගිණුම්වලටද හැකර්කරුවන් අනවසරයෙන් පිවිස ඇති අතර, ඔවුන් එම ගිණුම් හිමිකරුවන් මෙන් පෙනී සිට ඇමෙරිකන් ඩොලර් 1,000 බැගින් මුදල් ඉල්ලා ඇත. ඒ, 1,000 වෙනුවෙන් ආපසු 2,000 ක මුදලක් ලැබෙන බව පවසමිනි. බොහෝ දෙනකු ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් යවා ඇතැයි ද පැවැසෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා , ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්, බිල් ගේට්ස් සහ ඉලෝන් මස්ක් යන බිලියනපතියන් පමණක් නොව රැප් ගායක කාන්යේ වෙස්ට් ද ඒ අතර සිටින බව පැවැසෙයි.

ප්‍රහාරය පසුපස සිටින හැකර්වරුන් සොයා ට්විටර් සමාගම විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.

රොයිටර් ඇසුරිනි


RECOMMEND POSTS