දැන්ම මැතිවරණ නැහැ: ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනවා
කඩිනමින් මැතිවරණයක් නොපැවැත්වෙන බවත්, මැතිවරණයක් පැවැත්වීමට පෙර, නව ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, බංග්ලාදේශයේ නව පාලක මුහම්මද් යූනිස් පවසයි.
මුහම්මද් යූනිස්, මේ බව පවසා ඇත්තේ ඩකා අගනුවරදී, බංග්ලාදේශයේ ව්‍යාපාරිකයන්, විද්වතුන් සහ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවී සාකච්ඡා පවත්වද්දීය.
ශිෂ්‍ය අරගලය හේතුවෙන්, අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ෂෙයික් හසීනාට ධුරය අහිමි වී මෙන් පසු අන්තර්වාර රජය හරහා බලයට ආ මුහම්මද් යූනිස්බංග්ලාදේශ ව්‍යාපාරිකයන්, විද්වතුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවී සාකච්ඡා කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
‘නිදහස් සහ සාධාරණ මැතිවරණයක් අප පවත්වනවා. ඒත් ඊට කලින් දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් නව ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දීම කළ යුතුයි. ඒ සඳහා දැන් අප යොමු වී සිටිනවා’ යැයි නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ සිටින මුහම්මද් යූනිස් පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)