දශක ගණනාවකට පසු පොලී අනුපාත ඉහළට



දශක ගණනාවකට පසු පොලී අනුපාත ඉහළ දැමීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ බැංකුව වන එරට ‘ෆෙඩරල් රිසව්’ බැංකුව මෙම පියවර ගෙන තිබෙන අතර මෙම පොලී අනුපත වැඩි කිරීම 1994 වසරෙන් පසුව කරන ලද ඉහළම පොලී අනුපාත ඉහළ නැංවීම යි.

මේ අනුව ෆෙඩරල් රිසව් බැංකුවේ කෙටිකාලීන පොලී අනුපාතය සියයට 0.75කින් ඉහළ නංවා ඇත.

මෙම පියවර හේතුවෙන් ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය මන්දගාමී වී ආර්ථික පසුබැස්මක් ඇති වීමේ අවදානමක් නිර්මාණය කරනු ඇතැයි පැවසේ.

ෆෙඩරල් රිසව් බැංකුව ප්‍රධාන සහ වැදගත් කෙටිකාලීන පොලී අනුපත ප්‍රතිශත අගයෙන් හතරෙන් තුනක අගයකින් වැඩි කර තිබෙන අතර එය 1994 වසරෙන් පසු කළ ඉහළ ම පොලී අනුපාත වැඩි කිරීම යි.

මෙය සියයට 1.5 සිට සියයට 1.75 දක්වා වැඩි වීමක් යැයි පැවසේ.

මෙම පොලී අනුපාත වැඩි කිරීම හේතුවෙන් ආර්ථික පුරෝකථන ද පහත දමා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS