දරුවන් පැහැරගත් කල්ලිය හමුදාවට යටත් වෙයි
වයඹදිග නයිජීරියාවේ, ද්විතීක විද්‍යා පාසලකට කඩා වැදී දරුවන් 400 කට වැඩි පිරිසක් පැහැරගත්, සන්නද්ධ කල්ලි සාමාජිකයන් නයිජීරියානු හමුදාවට යටත් වී ඇතැයි වාර්තා වේ.
පැහැරගත් ළමුන්ගෙන් හමුවී ඇත්තේ 100 කට ආසන්න පිරිසක් බවත් සෙසු 300 දෙනා තවමත් අතුරුදන් බවත් නයිජීරියා රජය වැඩිදුරටත් කියා සිටී.
සන්නද්ධ කල්ලි සාමාජිකයන් අහසට වෙඩි තබමින්, ගුරුවරුන් සහ දරුවන් බිය ගන්වා, දරුවන් පැහැර ගත්තේ පසුගිය සති අන්තයේය. ඒ.කේ. 47 ගිනි අවිවලින් සන්නද්ධ එම පිරිස කඩා වැදුණේ කන්කාරා දිස්ත්‍රික්කයේ බාලක විද්‍යා පාසලකටය. සන්නද්ධ පිරිස පැමිණ ඇත්තේ යතුරු පැදිවලිනි.
සන්නද්ධ පිරිස, දරුවන් වනාන්තරයක් මැද පිහිටි ඔවුන්ගේ තිප්පොල වෙත ගෙන ගොස් ඇති අතර, නයිජීරියා හමුදාවට එම තිප්පොල සොයා ගැනීමට හැකි විය. ඒ අනුව, එය වටලා පහර දීමට හමුදාව කටයුතු කළේය. සන්නද්ධ කල්ලි සාමාජිකයන් යටත් වී ඇත්තේ එම අවස්ථාවේදීය.
කන්කාරාහිදීය (රොයිටර්)