දරුණු අපරාධකරුවන් රුසියන් හමුදා සේවයට



දරුණු අපරාධකරුවන්ට රුසියානු හමුදාවේ සේවය කිරීමට ඉඩ ලබා දෙමින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නව නීතියකට අත්සන් තැබූ බව වාර්තා වේ.

මිනීමැරුම්, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් බරපතල අපරාධ සම්බන්ධයෙන් සමාවක් ලැබ සිටින හෝ පරිවාස කාලයකට යටත්ව සිටින වැරදිකරුවන්ට මෙම නීතිය මගින් රුසියානු හමුදාවේ සේවය කිරීමට අවස්ථාව ලැබේ.එසේම මීට පෙර රුසියානු හමුදාවට එක්වීමට අවස්ථාව නොතිබූ ප්‍රදේශවල සමාවක් ලැබූ වැරදිකරුවන්ටද මෙමගින් රුසියානු හමුදාවට බැඳීමට අවසර හිමිව ඇත.

බාලවයස්කරුවන්ට එරෙහි ලිංගික අපරාධ, රාජද්‍රෝහීත්වය, ඔත්තු බැලීම හෝ ත්‍රස්තවාදය, රජයේ නිලධාරියෙකු ඝාතනය කිරීමට උත්සාහ කිරීම, ගුවන් යානයක් පැහැර ගැනීම, අන්තවාදී ක්‍රියාකාරකම්, න්‍යෂ්ටික ද්‍රව්‍ය සහ විකිරණශීලී ද්‍රව්‍ය නීති විරෝධී ලෙස හැසිරවීම යන වරදවල් සිදු කළ වැරදිකරුවන්ට මෙම නීතිය යටතේ රුසියානු හමුදාවට බැඳීමට අවස්ථාවක් හිමි නොවන බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පෙන්වා දී තිබේ.

මෙසේ රුසියානු හමුදාවන්ට බැඳෙන අපරාධකරුවන්ට ඔවුන්ගේ පදිංචි ස්ථානයෙන් පිටව යාමට අවසර නොමැති අතර විවිධ සීමාවන්ට අනුකූල වීමට සිදුවේ.

(රොයිටර්)


RECOMMEND POSTS