දකුණු සුඩාන ගුවන් අනතුරකින් 20 ක් මරුට



දකුණු සුඩානයේ සිදුවුණු ගුවන් අනතුරකින්  20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.

අනතුරට පත් වූයේ කම්කරුවන් පිරිසක් රැගත් කුඩා ගුවන් යානයකි. යානය ගුවන් ගත වීමේ දී කඩා වැටුණු බව පැවැසෙයි.

අනතුරින් එක් අයකු පමණක් බරපතළ ලෙස තුවාල ලබා දිවි ගලවා ගත්තේය. මියගිය සෙසු පිරිස අතර විදේශිකයෝ පස් දෙනෙක් වෙති.

ගුවන් යානය අනතුරට පත්වුණු ආකරය පිළිබඳ මෙතෙක් කිසිවක් අනාවරණය වී නැත.


RECOMMEND POSTS