දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක්



දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක සිදුවුණු පිපිරීමකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පිපිරුමෙන් ගිනිකෙළි ගබඩාව මුළුමනින්ම විනාශ විය.

තුවාල ලබා රෝහල්ගත කළ ගණන 115 ක් යැයි පැවැසෙයි. තුවාල ලැබූ කීප දෙනකුගේ තත්ත්වය ද බරපතල යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ගොඩනැගිල්ලේ නඩත්තු කටයුත්තක් සිදුවෙද්දී, වෙඩි බෙහෙත්වලට ගිනි ඇවිලීමෙන් පිපිරීම සිදුවී ඇතැයි බලධාරීහු පවසති. මියගිය 9 දෙනා අතර කුඩා දරුවන් කිහිප දෙනකු සිටින බව ද පැවැසෙයි.


RECOMMEND POSTS