දකුණු චීන මුහුදේ පාවෙන බාධකයක්



මතභේදාත්මක දකුණු චීන මුහුදේ පාවෙන බාධකයක් ඉදිකිරීමට චීනය කටයුතු කර ඇතැයි පිලිපීනය චෝදනා නගයි.

මෙම පාවෙන බාධකය ඉදි කර ඇත්තේ පිලිපීන ධීවර යාත්‍රා එම මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීමට යැයි ද පිලිපීන රජය වැඩි දුරටත් පෙන්වා දී ඇත. බාධකය ඉදි කර ඇත්තේ චීන වෙරළාරක්ෂක නිලධාරීන් බව ද පැවැසෙයි.

මෙම පාවෙන බාධකය මුල්කොට ගනිමින් චීනයත් පිලිපීනයත් අතර පවතින අර්බුදකාරී තත්ත්වය තවත් උත්සන්න වනු ඇතැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ අනතුරු අගවති.


RECOMMEND POSTS