දකුණු කොරියානු හිටපු ජනපති නිදහස්



දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, 17 වසරක සිරදඬුවමකට යටත්ව සිටි දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ලී මියුන්ග් බක්, ජනාධිපති සමාව හිමිවිය.

හිටපු ජනාධිපති ලී මියුන්ග් බක් ට සමාව දීමට වත්මන් ජනාධිපති යූන් සියුක් යෝල් පියවර ගත්තේ නත්තල නිමිත්තෙනි. නත්තල් නිවාඩු කාලයේ දකුණු කොරියාවේ ද සිරකරුවන් බොහෝ දෙනකුට ජනාධිපති සමාව හිමිවෙයි. මෙම 2022 වසරේ එසේ සමාව ලැබූ සිරකරුවන් ගණන 1,300 කි.

ලී මියුන්ග් බක්, දකුණු කොරියාවේ ජනාපධිතිවරයා ලෙස කටයුතු කළේ 2008 සිට 2013 තෙක් කාලයේය. ජනපති බලතල අවභාවිත කරමින් අල්ලස් ගැනීමේ චෝදනා රැසක් ඔහුට එල්ල විය. ලී මියුන්ග් බක්, එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය ආරම්භ වූයේ 2018 වසරේදීය. චෝදනා සම්බන්ධයෙන් ලී මියුන්ග් බක් වරදකරු වූයේ 2020 වසරේය.

(රොයිටර්)


RECOMMEND POSTS