තිර රචකයන්ගේ වැඩ වර්ජනය අවසන්



මාස 5 ක් තිස්සේ පැවැති හොලිවුඞ් තිර රචකයන්ගේ වර්ජනය අවසන් කෙරුණි. වර්ජනය අවසන් කෙරුණේ, චිත්‍රාගාර ප්‍රධානීන් සමඟ ඇතිකරගත් තාවකාලික ගිවිසුමකට අනුව යැයි ද පැවැසෙයි.

දශක ගණනකට පසු හොලිවුඩයේ පැවැති දීර්ඝතම වැඩ වර්ජනය ලෙස මෙය සැලකෙයි. වැඩ වර්ජනය හේතුවෙන් චිත්‍රපට නිෂ්පාදන කටයුතු, රූපවාහිනී ටෙලි කතා නිර්මාණ කටයුතු අඩපණ විය.

වැඩ වර්ජනයට හේතුව, සේවා සැපැයුමට ප්‍රමාණවත් වැටුප් ඉල්ලමින් සහ තිර පිටපත් රචනයේ දී කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන් යොදා ගැනීම සම්බන්ධයෙන් විරෝධය හට ගැනීමය.

වැඩ වර්ජනය ආරම්භ වූයේ පසුගිය මැයි 2 වැනිදාය. වැඩ වර්ජනය හේතුවෙන් කැලිෆෝනියා ආර්ථිකයට සිදුවුණු පාඩුව ඩොලර් බිලියන ගණනකි.


RECOMMEND POSTS