තායිවානයේ යළි කොරෝනා



මාසයකට පසු තායිවානයෙන් යළිත් වරක් කොරෝනා වයිරස ආසාදිතයකු හමුවී ඇත.

චීනයෙන් කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීම ආරම්භ වූ දා පටන් තායිවාන රජය තහංචි පනවමින්, දැඩි ක්‍රියා මාර්ග ගත්තේය. ඒ අනුව, කෙටි කාලයකදී වයිරසය පරාජය කිරීමට හැකිවිය.

කෙසේ නමුත් යළි ආසාදිතයකු හමුවී ඇති බව තායිවාන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත. ඒ අනුව, තායිවානයේ ආසාදිතයන් සංඛ්‍යාව 393 තෙක් ඉහළ ගොස් ඇත. තායිවානයෙන් මරණ 6 ක් වාර්තා වී තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS