තායි සම්භාහන ලෝක උරුමයක්
ලොව පිළිගැනීමකට ලක් වුණු තායිලන්තයේ සාම්ප්රදායික සම්බාහන ක්රමය යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
තායි සම්බාහන ක්රමය පරම්පරා ගණනාවක් ඉදිරියට ආ සංස්කෘතික උරුමයක් බවත්, එය ලොවට ඉතා වැදගත් බවත් පවසමින් යුනෙස්කෝ සංවිධානය තායි සම්බාහන ලෝක උරුමයක් ලෙස නම් කළ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කාණ්ඩ දෙකකට වෙන් කෙරේ. ස්ථාන සහ ගොඩනැගිලි එයින් පළමු කාණ්ඩයයි. ස්පර්ශ කළ නොහැකි ලොවට වැදගත් දේවල් ද දෙවැනි කාණ්ඩයට ඇතුළත් වෙයි.
(ඒ.එෆ්.පී.)