තායි ලෙන යළි විවෘත කෙරේ
මීට වසරකට පෙර, තායිලන්ත පාසල් පාපන්දු කණ්ඩායමක දරුවන් 12 දෙනකු සිරවුණු, තාම් ලංග් ලෙන යළිත් වරක් සංචාරකයන්ට විවෘත කර ඇතැයි තායිලන්ත පුවත් සේවා වාර්තා කරයි.
වසරකට පමණ පසු යළි ලෙන විවෘත කිරීමත් සමඟ පළමු දිනයේ එය නැරැඹීමට පැමිණි පිරිස 2,000 කට වැඩිය.
පාසල් පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් වන එම දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු දින 17 ක් තාම් ලංග් ලෙන තුළ සිරවූයේ, ඔවුන් ඇතුළට ගොස් සිටිද්දී වර්ෂාවත් සමඟ ලෙනට ජලය පිරීමෙනි.
විදෙස් කිමිඳුම්කරුවන්ගේ ද සහාය ඇතිව දරුවන් සිහිසුන් කරමින් බේරා ගැනීම සිදුවිය. තායිලන්ත හමුදාවටත්, තායිලන්ත රජයටත් ඒ සම්බන්ධයෙන් පැසැසුම් හිමිවිය.
බැංකොක්හිදීය (ඒ.එෆ්.පී.)