ත්‍රස්ත සිරකරුවෝ 44 ක් හිටිහැටියේ මරුට



අප්‍රිකාවේ චැඞ් රාජ්‍යයේ බන්ධනාගාරයක රඳවා තැබුණු බොකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෝ 44 දෙනකු හිටිහැටියේ මියගොස් ඇතැයි වාර්තා වේ.

ත්‍රස්තයන් 44 දෙනා මියගොස් ඇත්තේ ශ්වසන අපහසුතා සහ හෘදයාබාධවලිනි. ත්‍රස්තයන් මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ විෂක් ශරීරගත වීමෙන් මරණ සිදුවී ඇති බවය.

පසුගිය කාලයේ ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුම්වලදී බොකෝ හරාම් සාමාජිකයන් 58 දෙනකු අත්අඩංගුවට ගත් අතර, මියගොස් ඇත්තේ එසේ අල්ලා ගත් 58 දෙනාගෙන් 44 දෙනකු බව ද පැවැසෙයි. බොකෝ හරාම් ත්‍රස්ත කල්ලියේ සහාය හිමිවන්නේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ක සංවිධානයටය.

න්ජැමේනාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS