තව විකෘති බිහිවෙන්න පුළුවන්



‘ඔමික්‍රෝන්’ විකෘතියේ සැර බාල වී ඇති බැවින්, ‘කොවිඩ් 19’ වසංගතයේ බිහිසුණු බව කෙමෙන් පහව යමින් පවතින නමුත්, ඕනෑම මොහොතක තවත් බිහිසුණු ‘කොවිඩ් 19’ වයිරස විකෘතියක් නිර්මාණය වීමට ඉඩ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘතිය ලොව ප්‍රධාන විකෘතිය බවට පත් වී ඇති බැවින් සහ ‘ඔමික්‍රෝන්‘ විකෘතියේ සැර බාල වී ඇති බැවින් ලෝක ජනගහනයෙන් සියයට 70 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කළහොත්, මෙම 2022 වසර අවසන් වෙද්දී, ‘කොවිඩ් 19’ වසංගතය මුළුමනින්ම අවසන් කළ හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.

ලෝක ජනගහනයෙන් සියයට 70 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට නම් සෑම රටක්ම එක් වී ඒ වෙනුවෙන් කැපැවී කටයුතු කළ යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS