තලේබාන්වරුන් ලහිලහියේ රජයක් පිහිටුවීම අරඹයි



ඇෆ්ගනිස්තානය යළි තමන් අතය පත් වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම කෙරෙහි තලේබාන්වරුන්ගේ උනන්දුව යොමු වී ඇති අතර, නව රජයේ ආරක්ෂක සහ මුදල් අමත්‍යාංශ සඳහා තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් පත් කර ඇතැයි වාර්තා වේ.

සෙසු අමත්‍ය ධුර සඳහා ද තලේබාන් නායකයන් පත් කර ඇති නමුත් ඔවුන් කිසිවකුගේ තොරතුරු මෙතෙක් අනාවරණය කර නැත. ඊට හේතුව එම නායකයන්ගෙන් වැඩි දෙනා 'බිහිසුණු' ත්‍රස්තවාදීන් ලෙස ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් නම් කර ඇති බැවින් සහ ඔවුන්ට සම්බාධක පනවා ඇති බැවිනි.

ඇෆ්ගන් පුවත් සේවා වාර්තා කර ඇති අන්දමට, තලේබාන් ජ්‍යේෂ්ඨයන් වන ගුල් අඝා මුදල් අමාත්‍යවරයා ලෙසත්, සදාර් ඊබ්‍රහීම් වැඩ බලන ස්වදේශ කටයුතු ඇමැති ලෙසත් එම ධුර සඳහා පත් කර තිබේ. මේ බව නිල වශයෙන් සනාථ වී නැත.

අමාත්‍යවරුන් කවුරුන්දැයි නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් නොකෙරුනත්, වැඩ බලන සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස තලේබාන් නායකයන් මේ වනවිට ඔවුන්ගේ රාජකාරී බොහොමයක් ආරම්භ කර ඇති අතර තලේබාන් සංවිධානය ඔවුන් කවුරුන්දැයි ප්‍රසිද්ධියට පත් කර අවසන්ය.

වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ මුල්ලා අබ්දුල් කයූම් සකීර්ය. මොහු ඇමෙරිකන් සිරකරුවකු ලෙස, ග්වන්තනාමෝ බේ බන්ධනාගාරයේ රඳවා දරුණු ලෙස වධබන්ධනයට ලක් කෙරුණු තැනැත්තෙකි.

(රොයිටර්)


RECOMMEND POSTS