තලේබාන් මනාලිය හෙලිකොප්ටරයෙන් යයි



ඇෆ්ගන් රජයට සම්බන්ධ, තලේබාන් සංවිධානයේ නායකයකුගේ මංගල උත්සවයක් පැවැත්වුණු අතර, මංගල උත්සවයෙන් පසු එම නායකයා මනාලිය රැගෙන සිය නිවස බලා ගොස් ඇත්තේ හමුදා හෙලිකොප්ටරයකිනි.

නම සඳහන් වී නැතත්, ඇෆ්ගනිස්තානයෙන් ලැබෙන වාර්තා අනුව, හමුදා හෙලිකොප්ටරයකින් මනාලිය රැගෙන ලාගෝර් නුවර සිට කොස්ට් පළාත බලා ගොස් ඇත්තේ හක්කානි ජාලයේ නායකයාය.

හක්කානි යනු තලේබාන් සංවිධානයට සම්බන්ධ ශාඛාවකි. ඇෆ්ගනිස්තානයේ රජයක් පිහිටුවීමට පෙර, ත්රකස්ත සංවිධානයක් ලෙස තලේබාන්වරුන් ඇමෙරිකන් හමුදා සමඟ සටන් වදිද්දී, ඔවුන්ට අවි ආයුද සහ මූල්‍ය සහාය හිමිවූයේ 'හක්කානි' ජාලය හරහාය. 'හක්කානි' ජාලය ත්‍රස්ත ජාලයක් ලෙස ඇමෙරිකාව සලකයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS