තලේබාන් ප්‍රහාරයෙන් 25 ක් මරුට
වයඹදිග ඇෆ්ගනිස්තානයේ, ඇෆ්ගන් ආරක්ෂක භටයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයෙන්, ආරක්ෂක භටයෝ 25 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 13 දෙනෙක් තුවාල ලැබූහ.
තලේබාන් ත්‍රස්තවාදීන් සැඟවී සිට මෙම ප්‍රහාරය එල්ල කළ බවත්, ත්‍රස්තවාදීන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතර දරුණු අවි ගැටුමක් සිදුවුණු බවත්, තක්හාර් පළාතේ ආණ්ඩුකාර ජවාද් හෙජ්රි මාධ්‍ය හමුවේ පවසා ඇත. ආරක්ෂක භටයන්ට ප්‍රහාරය එල්ල වූයේ තක්හාර් පළාතේදීය.
කාබුල්හිදීය (ඒ.එෆ්.පී.)