තලේබාන් නිලධාරීන්ට පැනවූ ගුවන් තහනම් ඉවත් කෙරේ



ඇෆ්ගන් තලේබාන් රජයේ ඉහළ නිලධාරීන් 13 දෙනකුට පනවා ඇති ගුවන් තහනම් ඉවත් කිරීමට තමන් තීරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට දැනුම් දී ඇති අතර, එම තලේබාන් නිලධාරීන් 13 දෙනා පිළිබ‍ඳ අවසන් තීරණය ගනු ඇත්තේ ආරක්ෂක කවුන්සිලයයි.

මෙම 13 දෙනා ඇතුළු තලේබාන් සාමාජිකයන් 135 දෙනකුට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සම්බාධක පනවා ඇත්තේ ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස බටහිර රටවලට සහ බටහිර වැසියන්ට තර්ජනයක් වූ බැවිනි.

පසුගිය වසරේ ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු තලේබාන්වරුන් රජයක් පිහිටවූ අතර, එම රජයේ අමාත්‍ය ධුර හොබවන්නේත්, රජයේ කාර්යාලවල ඉහළ තනතුරු හොබවන්නේත් සම්බාධකවලට ලක් වුණු තලේබාන් සාමාජිකයන්ය.

(රොයිටර්)


RECOMMEND POSTS