තනි මාත්‍රාවක ස්පුට්නික් එන්නතක්
මාත්‍රා දෙකකින් යුත් 'ස්පුට්නික් 5' එන්නත වෙනුවට එක් මාත්‍රාවකින් පමණක් සමන්විත 'ස්පුට්නික් 5' එන්නතක් නිපදවීමට රුසියන් විද්‍යාඥයන් පියවර ගෙන ඇත.
'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව පළමුවෙන් නිපදවූ සහ ලියාපදිංචි කළ ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ රුසියාවේ ගැමලේයා වෛද්‍ය පර්යේෂණ ආයතනවය නිපදවූ 'ස්පුට්නික් 5' එන්නත ය.
ගැමලේයා වෛද්‍ය පර්යේෂකයන්, 'ස්පුට්නික් 5' නිපදවා ඇත්තේ මාත්‍රා දෙකක් ලෙසය. වයිරසට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය වන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසුවය.
මාත්‍රා දෙකකින් යුත් 'ස්පුට්නික් 5' එන්නතට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති නමුත්, එය මේ වනවිට රටවල් රැසක භාවිතයට ගැනීම සිදුවෙයි. අතුරුආබාධ අවම එන්නතක් ලෙස ද 'ස්පුට්නික් 5' සැලකෙන අතර, මෙය අපනයනය සිදුවන්නේ රුසියාවේ සෘජු ආයෝජන අරමුදල හරහාය.
මේ වනවිට රටවල් 60 කට වැඩි ගණනක් 'ස්පුට්නික් 5' එන්නත හදිසි භාවිතයට යොදාගෙන තිබේ. එසේ වුවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පමණක් නොව, ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය හෝ යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය හෝ 'ස්පුට්නික් 5' සඳහා අනුමැතිය දී නැත.
දිනෙන් දින ඉල්ලුම වැඩිවෙද්දී, මාත්‍රා දෙකකින් යුත් එන්නත වෙනුවට තනි මාත්‍රාවක එන්නතක් නිපදවීම කෙරෙහි ගැමලේයා වෛද්‍ය පර්යේෂකයන්ගේ අවදානය යොමුවී ඇත්තේ මීට මාස කීපයකට පෙර යැයි ද පැවැසෙයි.
මොස්කව්හිදීය (රොයිටර්)