ඩොන්බාස් වෙනුවෙන් සටන් ඇරැඹේ



නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් පළාත අල්ලා ගැනීම වෙනුවෙන් රුසියාව සටන් ආරම්භ කර ඇති බවත්, ඩොන්බාස් පළාත රුසියාවට අයිතිවීමට ඉඩ නොදෙන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ.

රුසියන් හිතවාදී, යුක්රේන බෙදුම්වාදීන්ගේ ග්‍රහණයේ පවතින ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක් යන නගර පිහිටා ඇත්තේ ද මෙම ඩොන්බාස් පළාතේය. මෙම නගර සහ ඒවා අයත් ප්‍රදේශ යුක්රේනයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යය බවට පත් වීමට කැමැත්ත පළ කර තිබේ. ඒ සඳහා රුසියාවේ ද අනුමැතිය ලැබී ඇත.

‘ඩොන්බාස්’ පළාත අල්ලා ගැනීමට රුසියාව ආරම්භ කළ සටන, රුසියන් යුක්රේන යුද්ධයේ දෙවැනි අදියර බව ද යුක්රේන ජනාධිපති සෙලෙස්න්කී පවසා තිබේ.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදා සිටය. එදා සිට පැවැති යුද ගැටුම්වලින් යුක්රේනයේ යටිතල පහසුකම්වලින් තුනෙන් එකක් මුළුමනින්ම විනාශ වී ඇතැයි යුක්රේන ජනාධිපතිවරයා පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS