ඩොන්බාස් පළාතට දරුණු ප්‍රහාර



යුක්රේනයේ ඩොන්බාස් පළාතේ යුක්රේන හමුදා ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙනවා යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.

ඩොන්බාස් යනු නැගෙනහිර යුක්රේනයට අයත් ප්‍රදේශයකි. ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක් යන නගර ද අයත් එම පළාත් ඇත්තේ ද මෙම ඩොන්බාස් පළාතේය. ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක් රුසියානු හිතවාදී රුසියන් සම්භවයක් වෙසෙන නගර වන අතර, ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක් පළාත් නොව ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට රුසියාව කටයුතු කර තිබේ.

ඩොන්බාස් පළාතේ අයිතිය වෙනුවෙන් ඉදිරි දිනවල දරුණු ලෙස සටන් පවතිනු ඇතැයි ද යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS