ඩකා නුවර කම්හලක ගින්නක්



බංග්ලාදේශයේ ඩකා නුවරට නුදුරින් පිහිටි කර්මාන්ත ශාලාවක හටගත් ගින්නක් හේතුවෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

සති දෙකක් ඇතුළත බංග්ලාදේශ කම්හලක ගින්නක් හටගත් දෙවැනි අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

ගින්නෙන් විනාශ වූයේ ගසීපූර් හි පිහිටා ඇති විදුලි පංකා නිෂ්පාදනය කරන කම්හලකි. ගිනි නිවන භටයන්ට ගින්න නිවා දැමීමට පැය කීපයක් ගතවිණි. ගින්නට හසුවීමෙන් තුවාල ලැබූ ගණන 20 ක් යැයි ද පැවැසෙයි.

ඩකාහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS