ටෝනාඩෝ සුළි කුණාටු ඇමෙරිකාවේ 25 ක් බිලිගනී
ඇමෙරිකාවේ ජනපද දෙකක් හරහා ටෝනාඩෝ සුළි කුණාටු හමා ගියේය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සුළි කුණාටුවලින් 25 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවය. තුවාල ලැබූ ගණන 38 කි.
ටෝනාඩෝ සුළි කුණාටුවලින් දැඩි හානි සිදුවූයේ කෙන්ටකි ජනපදයේ ලෝරල් ප්‍රාන්තයටය. කෙන්ටකි ජනපදයෙන් වාර්තා වන මරණ ගණන 18 කි. ඊට අමතරව, මිසෝරි ජනපදයෙන් මරණ 7 ක් වාර්තා වේ.
මිසෝරි ජනපදයේ නිවාස සහ ගොඩනැගිලි 5,000 කට ටෝනේඩෝ සුළි කුණාටුවලින් හානි සිදුවී ඇතැයි ද පැවැසෙයි. විදුලි බල සැපැයුම්වලට ද බාධා එල්ල වී ඇත. 1,40,000 ක් දෙන මේ වනවිටත් විදුලි බලය නොමැතිව පීඩාවට පත් වී සිටින බව පැවැසෙයි.