ටෝකියෝවේ කොරෝනා දරුණුයි



‘කොවිඞ් 19’ ආසාදිතයන් වැඩි වැඩියෙන් වාර්තා වෙද්දී, ජපානයේ ටෝකියෝ අගනුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණු බව වාර්තා වේ.

පසුගිය සිවු දින ඇතුළත ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් 200 කට වැඩි දෙනකු ටෝකියෝ අගනුවර කේන්ද්‍රකොට ගනිමින් වාර්තා විය. ටෝකියෝ නුවරින් වාර්තා වන නව ආසාදිතයන් අවුරුදු 20 ත් 30 ත් අතර තරුණ තරුණියන් යැයි සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

මේ වනවිට ජපානයෙන් වාර්තා වන සමස්ත ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 22,220 කි. මරණ වාර්තා වන්නේ 982 ක් ලෙසිනි.

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. වයිරසය චීනයෙන් පිට වාර්තා වූ පළමු රටවල් අතර ජපානය ද සිටී.

ටෝකියෝ නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS