ටෙස්ටොස්ටරෝන් අඩු නම් අවදානම වැඩියි



ටෙස්ටොස්ටරෝන් හේමෝන අඩු පුද්ගලයන්ට ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වුවහොත් එය ඉතා අවදානම් බවත්, එවැනි පුද්ගලයන්ගේ මරණ අනුපාතය ඉතා ඉහළ බවත් ජර්මන් වෛද්‍යවරු පෙන්වා දෙති.

ටෙස්ටොස්ටරෝන් යනු ප්‍රධාන පුරුෂ හෝමෝනයයි.

මෙම හොමෝනය අඩු පිරිමින්ට වයිරසය ආසාදනය වුවහොත් අනෙක් පිරිමින්ට වඩා ඔවුන් මියයන බව අනාවරණය කර ඇත්තේ හැම්බර්ග් ඉපෙන්ඩෝෆ් රෝහලේ වෛද්‍යවරුන්ය. එවැනි ටෙස්ටොස්ටරෝන් හොමෝන අඩු පිරිමින් 45 දෙනකු හඳුනා ගැනීමට හැකිවුණු බව වෛද්‍යවරු වැඩිදුරටත් පවසා ඇත.

බර්ලීන්හිදීය (ඒ.එෆ්.පී./ඬේලිමේල්)


RECOMMEND POSTS