ටිග්‍රේ අගනුවර අල්ලා ගන්න හමුදාව සමත් වෙයි



ඉතියෝපියාවේ ටිග්‍රේ පළාතේ සන්නද්ධ කැරැළිකරුවන්ගේ පාලනයේ පැවැති මෙකෙල්ලේ අගනුවර රජයේ හමුදාව විසින් අත්පත් කරගනු ලැබූ බව ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබේ අහ්මද් පවසයි.

අප්‍රිකා රාජ්‍යයක් වන ඉතියෝපියාවේ අර්බුදයක් නිර්මාණය වූයේ, ටිග්‍රේ පළාතේ ප්‍රදේශීය ආණ්ඩුවට මහාය පළ කරමින්, ටිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ මධ්‍යම රජය සමඟ ගැටුම් ඇති කර ගැනීමත් සමඟය.

උතුරු දෙසින් පිහිටි ටිග්‍රේ පළාතේ ප්‍රධාන නගර කීපයක් කැරැලිකරුවන්ගේ ග්‍රහණයට නතු වුණු නමුත් මේ වනවිට ඒවාද මුදා ගැනීමට රජයේ හමුදා සමත් වී සිටින බව ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබේ අහ්මද් පවසා තිබේ.

දින ගණනක් තිස්සේ හටගත් ගැටුම් හේතුවෙන් ටිග්‍රේ පළාතේ වැසියන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි විය. ඔවුන් බොහෝ දෙනා ටිග්‍රේ පළාත අතහැර ආරක්ෂිත පළාත්වලට පලා යෑමට පියවර ගත් බව වාර්තා විය. ගැටුම් හේතුවෙන් සිය ගණනක් මියගොස් ඇති බවත්, දහස් ගණනක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

මෙකෙල්ලේ (රොයිටර්)


RECOMMEND POSTS