ටික්ටොක් විකුණන්න අදහසක් නෑ



ටික්ටොක් විකිණීමට එහි මවු සමාගමට බලකරමින් ඇමෙරිකානු සෙනෙට් සභාව වැඩි ඡන්දයෙන් සම්මත කළ පනත් කෙටුම්පතට ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තැබූවත් ටික්ටෝක් විකිණීමට තමන්ට කිසිඳු අදහසක් නැතැයි බයිට් ඩාන්ස් සමාගම ප්‍රකාශ කළේය.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි මෙම නීතිය ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කරන බවද බයිට් ඩාන්ස් සමාගම පැවැසුවේය.ටික්ටොක් විකිණීමට තිබෙන අවස්ථා පිළිබඳව බයිට් ඩාන්ස් සමාගම සොයා බලමින් සිටින බවට ඇතැම් වෙබ් අඩවිවල පළවූ වාර්තාවලට පිළිතුරු දෙමින් බයිට් ඩාන්ස් සමාගම මෙම අදහස් පළ කළේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් තබමින් නීතියක් බවට පත්කළ නව පනතට අනුව ටික්ටොක් විකිණීමට එහි මවු සමාගමවන බයිට් ඩාන්ස්ට මාස 9 ක කාලයක් තිබෙන අතර එම කාලයක් තුළදී ටික්ටොක් විකිණීමට බයිට් ඩාන්ස් අසමත් වුවහොත් ඇමෙරිකාව තුළ ටික්ටොක් තහනමට ලක්වේ.


RECOMMEND POSTS