ට්‍රම්ප්ට එරෙහි සටනට ජෝ බයිඩන්
ඇමෙරිකා ජනාධිපතිවරණය මෙම වසරේ නොවැම්බරයේ දී පැවැත්වෙන අතර, රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත් වී සිටින්නේ ජෝ බයිඩන් ය.
ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ප්‍රධාන අපේක්ෂකයා තෝරා ගැනීමට ඡන්ද විමසුම් පැවැත්විණි. ඒ, පක්ෂ අභ්‍යන්තරයේය. අවසානයේ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂකයා බවට බයිඩන් පත් වූයේ, සෙසු අපේක්ෂකයන් සියල්ල අභිබවා යමිනි.
අවසන් වටයේ දී බයිඩන්ට අභියෝගයක් එල්ල වූයේ බර්නි සැන්ඩර්ස්ගෙනි. සැන්ඩර්ස් ජනපති ධුර අපේක්ෂකත්ව සටනින් ඉවත් වන බව දැන්වීමත් සමඟ අවසානයේ ඉතිරි වූයේ බයිඩන්ය.
තමන් ජනාධිපති ධුරයට පත් වුවහොත් උප ජනධිපති ධුරය කන්තාවකට ලබා දෙන බවත්, ඒ කවුරුන්දැයි යන්න ඉදිරියේ දී ප්‍රකාශ කරන බවත් බයිඩන් පවසා ඇත. බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, බයිඩන් උප ජනාධිපති ධුරය හෙබවීය.
වොෂින්ටනයේදීය (රොයිටර්)