ට්‍රම්ප්ගේ ෆේස්බුක් තහනම ඉවත් කෙරෙනවා



ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට පනවා තිබූ ෆෙස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් තහනම ඉදිරි සති කිහිපයේදී ඉවත් කරන බව මෙටා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

2021 ජනවාරි මස 6 වැනිදා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ට්‍රම්ප්ගේ ෆෙස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් තහනම් කළ අතර වසර දෙකකට පසු මෙසේ එම තහනම ඉවත් කරන බව මෙටා සමාගම නිවේදනය කර තිබේ.

ඉකුත් නොවැම්බර් මස තමන් 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව ට්‍රම්ප් ප්‍රකාශ කළ අතර ෆෙස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් තහනම ඉවත් කිරීමෙන් ඔහුගේ දේශපාලන කඳවුරට තල්ලුවක් ලැබෙනු ඇතැයි විචාරකයෝ පවසති.

ඔහුට ෆෙස්බුක් අනුගාමිකයන් මිලියන 34 ක් සිටින අතර ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් මිලියන 23 ක් සිටී.

(රොයිටර්)


RECOMMEND POSTS