ට්‍රම්ප් ‘ආයුබෝවන්’ කියන්න පටන් ගනී
ස්පර්ශයෙන් වයිරසය බෝ වන බව වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇති බැවින් අතට අත දීම වෙනුවට දෑන් එක් කරමින් ‘ආයුබෝවන්’ කීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද තීරණය කර ඇත.
ට්‍රම්ප් දෑත් එක් කරමින් අමුත්තන් පිළිගන්නේ ඉන්දියානු ක්‍රමයට ‘නමස්තේ’ කියමිනි.
අයර්ලන්ත අගමැති වරද්කාර් ධවල මන්දිරයට පැමිණියේය. එම අවස්ථාවේදී ට්‍රම්ප් ඔහු පිළිගත්තේ දෑත් එක් කරමින් ‘නමස්තේ’ කියමිනි. වරද්කාර් ඉන්දීය සම්භවයක් ඇති අයර්ලන්ත වැසියෙකි.
මේ අතර පසුගිය දිනවල ට්‍රම්ප් ඇසුරු කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට පමණක් නොව, බ්‍රසීල ජනපති මාධ්‍ය ලේකම්වරයාට ද නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති හෙයින් ජනපති ට්‍රම්ප් ද වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බව වාර්තා වේ.
වොෂින්ටනයේදීය (රොයිටර්)