ට්‍රම්ප්-හැරිස් විවාදය ලබන 10 වැනිදා
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන රිපබ්ලිකන් පක්ෂ ජනපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක කමලා හැරිස්ගේ පළමු සජීවී රූපවාහිනී විවාදය ලබන සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිතය.
පළමු සජීවී විවාදය, ලබන10 වැනිදා පැවැත්වීමට ට්‍රම්ප්ගේ කැමැත්ත හිමිවී ඇති නමුත්, කමලා හැරිස් ඒ සම්බන්ධයෙන් තවමත් හරිහැටි වචනයක් දි නැති බව පැවැසෙයි.
සජීවී විවාදය, ඒ.බී.සී. නාළිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතව ඇති අතර, ඊට නරඹන්නන් කිසිවකු ඊට සහභාගී නොවනු ඇතැයි ද පැවැසෙයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් 5 වැනිදාය. මේ වනවිට, ඇමෙරිකන් මාධ්‍ය ආයතන සමීක්ෂණ රැසක් සිදුකර ඇති අතර, එම සමීක්ෂණවලින් පෙනී යන්නේ ට්‍රම්ප්ට වඩා කමලා හැරිස් ඉදිරියෙන් සිටින බවය.
(ඒ.එෆ්.පී.)