ට්‍රම්ප් හමුවුණු මන්ත්‍රීවරුන්ට කොරෝනාදැයි සැකයක්
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවීමට ආ රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් දෙදෙනකුට සහ ට්‍රම්ප් විසින් සිය මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කරනු ලැබූ මයික් මෙඩෝස්ට ද ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරදය ආසාදනය වී ඇතැයි සැක කරන බව ඇමෙරිකන් පුවත් සේවා ඊයේ (10) වාර්තා කළේය.
ඩග් කොලින්ස් සහ මැට් ගේට්ස් නමැති එම මන්ත්‍රීවරුන් දෙදෙනා, ට්‍රම්ප් මුණගැසෙමින් අතට අත දෙමින්, ට්‍රම්ප් සමඟ කතාබහ කර ඇත්තේ පසුගිය සිකුරාදා දිනයේය. ඩග් කොලින්ස් සහ මැට් ගේට්ස් ට්‍රම්ප් මුණගැසී ඇත්තේ අවස්ථා දෙකකදීය.
ජනපති ට්‍රම්ප් සහ ඩග් කොලින්ස් හමුවූයේ ඇමෙරිකන් වසංගත රෝග මර්දන ඒකකයේදීය. ජනපති ට්‍රම්ප් වසංගත රෝග මර්දන ඒකකට ගියේ වයිරසය ව්‍යාප්තිය සහ නිරෝධායන කටයුතු සිදුවන ආකාරය සොයා බැලීමටය. මැට් ගේට්ස්, ජනාධිපති ට්‍රම්ප් සමඟ ‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානයෙන් ගමන් කර ඇත.
ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර ඇති අන්දමට, ඩග් කොලින්ස් සහ මැට් ගේට්ස් දෙදෙනා ට්‍රම්ප් හමුවීමට හමුවුණු එක් පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වී තිබේ. ඩග් කොලින්ස් සහ මැට් ගේට්ස් එම පුද්ගලයා හමුවෙද්දී, ඔහු කොරෝනා ආසාදිතයකු බව දැන සිට නැත. රෝග ලක්ෂණ පහළ වී ඇත්තේ එම හමුවෙන් දිනකට පසුව යැයි ද පැවැසෙයි.
වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ, ඩග් කොලින්ස් සහ මැට් ගේට්ස් දෙදෙනාට ද වයිරසය ආසාදනය වීමේ අවදානමක් පවතින බවය. ඒ අනුව, වෛද්‍ය උපදෙස් මත ඩග් කොලින්ස් සහ මැට් ගේට්ස් දින 14 ක් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කෙරුණි.
වෛද්‍යවරුන් බිය පළ කර ඇත්තේ, ඩග් කොලින්ස් සහ මැට් ගේට්ස් දෙදෙනාට වයිරසය ආසාදනය වී ඇතිනම්, ඔවුන් දෙදෙනා හරහා වයිරසය ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ට ආසාදනය වීමේ අවදානමක් පවතින බවටය.
ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කළ මාර්ක් මෙඩෝව්ස් පත් කර ගත්තේ ඉකුත් සති අන්තයේය. මාර්ක් මෙඩෝව්ස් කොරෝනා ආසාදිතයකු ඇසුරු කළ බව අනාවරණය වීමත් සමඟ මෙඩෝව්ස් ද නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට වොෂින්ටන් සෞඛ්‍ය බලධාරීහු පියවර ගත්හ.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)