ට්‍රම්ප් පුටින් එක්වෙලා
දෙවැනි ලෝක යුද්ධයේ දී ඇමෙරිකන් සහ සෝවියට් හමුදා එක් වී, ජර්මන් නාට්සි හමුදා පරාජය කිරීමේ සටන අනුස්මරණය කරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එක්වෙමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත.
ප්‍රකාශය නිකුත් කර ඇත්තේ එදා එනම් 1945 අප්‍රේල් 25 වැනිදා ජර්මනියේ එල්බේ ගංගාවට ඉහළින් පාලමේ දී ඇමෙරිකන් සහ සෝවියට් හමුදා අත්වැල් බැඳ ගනිමින් නාසි හමුදා පරාජය කිරීම සිහිපත් කරමිනි.
දෙවැනි ලෝක යුද සමයේදී සෝවියට් දේශය සහ ඇමෙරිකාව අතර එසේ මිතුදම් පැවැතියත් ඉන්පසු සියල්ල වෙනස් වුණු අතර ලෝක බලවතුන් දෙදෙනා අතරේ බල අරගලයක් පැවැතිණි. නිරවි යුද්ධයට මඟ පෑදුණේ එයයි.
අද වනවිටත් ඇමෙරිකාව සහ රුසියාව අතර ඇයි හොඳයිකම් පළුදු වී ඇත. ඇමෙරිකන් රජය රුසියාවට සම්බාධක පවා පනවා ඇත. ඒ, 2016 ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට ඊට මැදිවුණු බව ජනාධිපති පුටින්ට චෝදනා නගමිනි. ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති පුටින් අතරේ යහපත් සබඳතා පවතින නමුත් එල්ල වන එම චෝදනා හේතුවෙන් එම සබඳතා ද අවුල් සහගත තත්ත්වයකට පත් වී තිබේ.
වොෂින්ටනයේදීය (රොයිටර්)