ට්‍රම්ප් 74 වැනි උපන් දිනය සමරයි
ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතා පැවැත්වෙද්දී, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (14) සිය 74 වැනි උපන් දිනය සැමරුවේය.
වොෂින්ටන් අගනුවර ධවල මන්දිරය ඉදිරිපිට පමණක් නොව, ඇමෙරිකාව පුරා මේ වනවිට විරෝධතා රැලි පැවැත්වෙයි. ඒ, කළු ජාතිකයන්ට ජීවත්වීමට ඇති අයිතිය වෙනුවෙන් සහ පොලිස් ප්රචණ්ඩත්වය හෙලා දකිමිණි.
කෙසේ නමුත් විරෝධතා පැවැත්වෙද්දී ට්‍රම්ප් ධවල මන්දිරයේ සිටියේ නැත. ඔහු දියණිය ඉවන්කා සහ ඉවන්කාගේ සැමියා ජෙරාඞ් කුෂ්නර් සමඟ නිව් ජර්සි ගොල්ෆ් ක්‍රීඩාංගනයට ගොස් සිටියේය. ඉවන්කා සහ ජෙරාඞ් කුෂ්නර් දෙදෙනා ජනපති ට්‍රම්ප්ගේ උපදේශකවරු ලෙස කටයුතු කරති.
උපන් දිනය දා ට්‍රම්ප් බිරිඳ මෙලානියා, ට්‍රම්ප් අසල සිටිනු දකින්න නොලැබුණැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. දියණිය ඉවන්කා සිය ට්විටර් ගිණුම ඔස්සේ, ට්‍රම්ප්ට සුබ පැතුම් එක් කිරීමට ද අමතක නොකළාය. මෙලානියාගෙන් එසේ ට්විටර් පණිවුඩයක් නිකුත් වී නොතිබීම පුදුමයක් යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි.
(රොයිටර්)