ජූනි අවසානයේ යථා තත්ත්වයට
ස්පාඤ්ඤ ජන ජීවිතය ජූනි මස අවසන් වෙද්දී යළි යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්රෝ සැන්චේස් පවසා තිබේ.
‘කොවිඞ් 19’ වයිරසයෙන් දරුණු ලෙස බලපෑම් එල්ල වන රටක් ලෙස ස්පාඤ්ඤය සැලකෙයි. මේ වනවිට ස්පාඤ්ඤයේ ‘කොවිඞ් 19’ මරණ 24,000 පසු කර තිබේ. ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳට ද ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය විය.
වයිරසය දරුණු ලෙස ව්‍යාප්ත වෙද්දී, ස්පාඤ්ඤ අගමැති එරට ලොක්ඩවුන් කළේ පසුගිය මාර්තු 14 වැනිදාය. ඒ වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමේ අරමුණ ඇතිවය. ලොක්ඩවුන් ක්‍රියාවලිය හේතුවෙන් ස්පාඤ්ඤ ජන ජීවිතය මුළුමනින්ම අඩපණ වුණු අතර, ආර්ථිකය ද කඩා වැටීමකට ලක්විය.
මැඞ්රිඞ් නුවරදීය (රොයිටර්)