ජල ගැලීම්වලින් 86 ක් මරුට



පාකිස්තානයට ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් පළාත් රැසක් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මියගිය ගණන 86 ක් යැයි ද පැවැසෙයි. ආපදා හේතුවෙන් තුවාල ලැබූ ගණන 151 කි.

මියගිය 86 දෙනා අතර කාන්තාවන් 16 දෙනකු සහ කුඩා දරුවන් 37 දෙනකු සිටින බව ද මාධ්‍ය වාර්තා කර තිබේ. හානියට පත් වුණු නිවාස ගණන 37 කි. මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත් විදුලිබල සැපැයුමට ද බාධා එල්ල වී ඇති බවත් පැවැසෙයි.


RECOMMEND POSTS