ජර්මන් නාවික හමුදාපතිට වැඩ වරදී



ඉන්දීය සංචාරයක් අතරතුරේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රසාදයට ලක් කළ ජර්මන් නාවික හමුදා ප්‍රධානී වයිස් අද්මිරාල් කේයි-අචින් ෂොන්බැක් සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

ඉන්දීය සංචාරයේ දී ජර්මන් නාවික හමුදා ප්‍රධානියා පුටින් වර්ණනා කරමින් කියා සිටියේ චීනය පුටින් සමග සිටීම ශක්තියක් බවත්, පුටින් ගෞරවයට පත්විය යුතු ලෝක නායකයකු බවත්, 2014 දී පුටින්ගේ මෙහෙයවීමෙන් රුසියන් හමුදා අත්පත් කරගත් යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීය යළි යුක්රේනයට කිසිදාක ලබා ගැනීමට නොහැකි බවත්ය.

මෙය ජර්මන් රජයේ දැඩි විරෝධයට හේතුවක් වූ අතර ඉන්දිය සංචාරය අවසන් කර පැමිණි කේයි-අචින් ෂොන්බැක් වහා සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන්නැයි බලපෑම් එල්ල විය. ඒ අනුව, කේයි-අචින් ෂොන්බැක් සිය තනතුරින් ඉල්ලා අස්වුණු බව ජර්මන් මාධ්‍ය වාර්තා කළේය.

 (රොයිටර්)


RECOMMEND POSTS