ජම්මු කාශ්මීර කුරුළු සැණකෙළි



ජම්මු සහ කාශ්මීර කුරුළු සැණකෙළිය 2022 ඉකුත් දා පැවැත්විණි.

ප්‍රාන්ත සංචාරක දෙපාර්තමේන්තුව සහ අභයභූමි සොබාදහම් පදනම එක්ව මෙය සංවිධානය කර තිබිණි.

ජම්මු සහ කාශ්මීරය යනු ජෛව විවිධත්වයෙන් අනූන සුවිශේෂී සොබාදම් පරිසරයක් හිමි ප්‍රදේශයකි.

සංචාරකයන්ට සහ ජම්මු සහ කාශ්මීරයේ වෙසෙන ජනතාවට මෙම ප්‍රදේශයේ සොබාදහමේ උරුමය පෙන්වීමත් මෙම කලාපයට, පරිසරය සංරක්ෂණය කරමින් ජීවනෝපාය උදා කරදීමත් ‘ජම්මු සහ කාශ්මීර කුරුළු සැණකෙළිය 2022’ අරමුණ විය.

ඒ.එන්.අයි. ඇසුරිනි 


RECOMMEND POSTS