ජපානයේ නව අගමැති ෆුමියෝ කිෂීඩා



ජපානයේ පාලන පක්ෂයේ නායකත්වය සඳහා පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්දයෙන් ජයග්‍රහණය කිරීමට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුණු හිටපු විදේශ අමාත්‍යවරයකු ද වන ෆුමියෝ කිෂිඩා සමත් විය.

ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ ද පාලක පක්ෂයේ නායකයාය. ඒ අනුව, ජපානයේ නව අග්‍රාමාත්‍ය ධුරය ෆුමියෝ කිෂිඩා ට හිමි වනු ඇත. ජයග්‍රහණය සදහා ෆුමියෝ කිෂිඩා ට ඡන්ද 257 ක් ලැබුණි.

ඒ අනුව,  64 හැවිරිදි ෆුමියෝ කිෂිඩා ට ඉඩ දී පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වත්මන් නායක මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද වන යොෂිහිදේ සුගා ධුරයෙන් සමුගනු ඇත. පක්ෂ නායකත්වය වෙනුවෙන් සුදුස්සකු තෝරා ගැනීමට ඡන්දයක් පැවැත්වීමට තීරණය කළ අවස්ථාවේදී සුගා කියා සිටියේ තමන් ඊට ඉදිරිපත් නොවන බවය.

'කොවිඩ් 19' වසංගතය හමුවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීම කායික මෙන්ම මානසික වශයෙන් ද තමන්ට අභියෝගයක් බවත් ඒ නිසා තමන් පක්ෂ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ද අත්හරින බවත් සුගා පවසා තිබුණි. සුගා අග්‍රාමාත්‍ය ධුරයේත් පක්ෂ නායකත්වයෙත් රැදී සිටියේ වසරක කාලයක් පමණි.

(රොයිටර්)


RECOMMEND POSTS