ජපානයේ ජනගහන අනුපාතය පහළට



ජපානයේ ජනගහන අනුපාතය යළිත් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. පසුගිය වසරට සාපේක්ෂව එය සියයට බින්දුවයි දශම 4යි 8 කින් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

ජපානයේ ජනගහනය මෙලෙස පහත වැටී ඇත්තේ අඛණ්ඩව 13 වරටය. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් සිදුකළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

ඊට අමතරව, ජපානයේ තනිව ජීවත්වන වැඩිහිටි ජනගහනය 2050 වන විට සියයට 47ක් දක්වා ඉහළ යනු ඇති බවට එරට පරීක්ෂණ ආයතනයක් නිකුත් කළ වාර්තාවකින් අනාවරණය වී ඇත.


RECOMMEND POSTS