ජපන් සෞඛ්‍ය ක්ෂේත්රය බිඳ වැටීමේ අවදානමක්
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ජපාන සෞඛ්‍ය ක්ෂේත්රයේ බිඳ වැටීමක් සිදුවනු ඇතැයි එරට වෛද්‍යවරුන් බිය පළ කර තිබේ.
ජපානයේ වයිරස ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට දස දහස ඉක්මවා ඇති අතර, මරණ 222 පසු කර තිබේ.
ජපාන වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ එරට රෝහල් ආසාදිතයන්ගෙන් පිරීගොස් ඇති බවත් ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් නොමැති බවත්ය. නව ආසාදිත රෝගීන් රෝහල්වලට ඇතුළත් කර නොගන්නා බව ද පැවැසෙයි.
ටෝකියෝහිදීය (රොයිටර්)